සැලකිය යුතුයි !!!
යම් කිසි ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේතප්පර 5කට පසු දකුණු පස උඩතිබේන 'Skip Ad' ක්ලික් කිරිමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක..
පහසුවෙන්ම පැමිණෙන්න Ctrl+D ඔබලා bookmark එකක් දාගන්න..
කතා සාරාංශය ගැන මෙහෙම කියන්නම්. මේක යාළුවෝ හතර දෙනෙක්ගේ කතාවක්. දේව්, ගෞරව්, ආදිත්‍යය සහ දේවි. විද්‍යාල ජීවිතයෙන් සමු ගනිමින් සිටින මොවුන් තම තමන්ගේ සිහින ඔස්සේ ජීවිතය දිනාගන්නයි සූදානම. මේ යාළුවෝ හතර දෙනාම පුංචි කාලේ ඉඳන් එකටමයි. එකිනෙකාට අවංකයි. මේ අතරින් ගෞරව් කියන්නේ, මන්ත්‍රීවරයෙක්ගේ පුතෙක්. ඉතින් යාළුවොත් එක්ක එකතු වෙලා කරන මගෝඩි වැඩ වලදී පොලීසියත් එක්ක ගැටුම් ඇති කරගෙන බේරෙන්නේ තමන්ගේ තාත්තගේ නම පාවිච්චි කරලා. මෙයාලා මේ විදියට කරන තවත් එක මගෝඩි වැඩක් නිසා සෙල්ලම ලෙල්ලම වෙනවා. මෙයාලගේ සෙල්ලක්කාර ජීවිතයට කණ කොකා හඬන්න පටන් ගන්නේ, මන්ත්‍රී තුමන්ගේ බලයට බිය නොවන කෘර වගේම කපටි පොලිස් නිලධාරියෙක් එක්ක පැටලෙන්නට සිදුවෙන නිසා. සිහිනෙකින් වත් නොසිතූ ලෙස මේ කපටි පොලිස් නිලධාරියාගේ අණසකට යට වී ඔවුනට නරක වැඩ විශාල ප්‍රමාණයක් කරන්නට සිදු වෙනවා. ඔවුන්ට කිසිසේත්ම ඔහුගෙන් ගැලවීමක් නම් ලැබෙන්නේ නැහැ.
චිත්‍රපටය ආරම්භ වන්නේ, දේව් විසින් තමන්ගේ සිරුරට ගිනි තියාගන්නා සිද්ධියකින්. තමන්ගේ සිහින ඔස්සේ ජීවිතය ගෙනයන මොවුනට සිදු වූයේ කුමක්ද? දේව් ඇයි මේ විදියට ගිනි තියාගන්නේ,,… දිවි නසා ගැනීමේ අරමුණින්ද?…. එතකොට මේ අනිත් යාළුවෝ තුන් දෙනා එයාලට මොකද වෙන්නේ? මේ කරුණු කාරණා තෝර බේරගන්න නම් චිත්‍රපටය නරඹන්නම වෙනවා.
DOWNLOAD TORRENT
සිංහල උපසිරැසි baiscopelk අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි.
DOWNLOAD කරලා දැක්කේ නෑ වගේ යන්න එපා අදහසකුත් දලා යන්න>>>
0 comments:
Post a Comment