අපි හැමෝම දන්නවා සමහර රොබෝලා හදනවා අපේ වැඩ ලේසි කරගන්න. එයාලා අපේ යටතේ අපිට අවශ්‍ය විදියට වැඩ කරවන්නනේ හදන්නේ. ඒ උනාට ඒ හදන රොබෝල හිතලා වැඩ කරන්න ගත්තොත් එහෙම මොකද වෙන්නේ. එයාලාට ඕනා විදියට වැඩ කරන්න ගත්තොත් එහෙම :O අන්න ඒ විදියේ වැඩක් තමා මේ film එකෙත් වෙන්නේ. මේකේ ප්‍රධාන චරිතය වන Antonio Banderas, ජැක් වෝකැම් ලෙස තමා මෙහි පෙනී සිටින්නේ.එයා රොබෝ රක්ෂණ සමාගමක සේවය කරන්නේ. ඉතින් මෙයාලා ගණුදෙනු කරන්නේ රොබෝලා එක්කම තමා. ජැක්ටත් වෙනවා මම උඩදී කිවුවා වගේ හිතලා වැඩ කරන රොබෝලා එක්ක ගණුදෙනු කරන්න. ඒත් ඒ වගේ රොබෝලා ඉන්නවා කියන්නේ ඒක ජැක්ගේ සමාගමට තර්ජනයක්. ඉතින් ජැක් යනවා මේ ගැන හොයන්න. ඒවා හොයන්න ගියාට පස්සේ ජැක් ඒ රොබෝලා එක්ක එකතු වෙලා කියලා සමාගමේ අය එයාව සැක කරනවා.
DOWNLOAD TORRENT
සිංහල උපසිරැසි baiscopelk අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි.
0 comments:
Post a Comment